🎉 එමෙන්ම සංගීත අංශයේ ගුරුමණ්ඩලයේ මගපෙන්වීම යටතේ පාසලේ සංගීත අංශ මඟින් ද වීර පොකුණ මධ්‍ය මහා විද්‍යාලයට කීර්තිය ගෙන දී ඇති බව පාසලේ ආචාර්ය මණ්ඩලයේ තොරතුරු මගින් දැනගන්නට ලැබුණි. 2013 වර්ෂයේ සමස්ත ලංකා නාට්‍ය තරඟාවලියේ දී කලාප මට්ටමින් දෙවන ස්ථානය දිනා ගැනීමට ද, 2014 වර්ෂයේ දී කලාප මට්ටමෙන් ප්‍රථම ස්ථානය දිනා දිනාගැනීමට ද, 2015 වර්ෂයේ තරගාවලි දෙකකදී දෙවන සහ ප්‍රථම ස්ථාන දිනා ගැනීමට ද මෙම පාසලේ සංගීත අංශයේ සිසු සිසුවියන් සමත් වී ඇත.
🎉 එසේම වීරපොකුණ මධ්‍ය මහා විද්‍යාලයේ නර්තන අංශයේ සිසු සිසුවියන් විදු මවගේ නාමය කීර්තිමත් කිරීමට දායක වී ඇත. 2018 වර්ෂයෙ සමස්ත ලංකා නර්තන තරඟයෙන් දෙවන ස්ථානයද, 2010 වර්ෂයේ දී කනිෂ්ඨ ඒකල නර්තනයෙන් දෙවන ස්ථානය ද, 2011 වර්ෂයේ කනිෂ්ඨ ඒකල නර්තනයේ පළාත් මට්ටමෙන් ප්‍රථම ස්ථානය ද, 2011 වර්ෂයේ සමස්ත ලංකා නර්තන තරගාවලියේ දෙවන ස්ථානයද දිනා ගනිමින් වීර පොකුණ විදු මාතාවට කීර්තියක් අත් කර දී ඇත.
🎉 තවද වීරපොකුණ මධ්‍ය මහා විද්‍යාලය සමාජ විද්‍යා අංශයෙන් ද දස්කම් පෑ සිසුන්ට හිමිකම් කියූ පාසලකි. 8 ශ්‍රේණියේ B.A.K. සැසුමින්දි පෙරේරා ශිෂ්‍යයාව සමාජ විද්‍යා දැනුම මිනුම තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය ද ස්ථානයද, A.K. චමෝදි ගිම්හානි ශිෂ්‍යයාව සමාජ විද්‍යා දැනුම මිනුම ලිඛිත තරගාවලියෙන් දෙවන ස්ථානයද හිමි කරගනිමින් වීර පොකුණ මධ්‍ය මහා විද්‍යාලයට කීර්තියක් අත් කර දී ඇත .
🎉 ක්‍රීඩා තරඟවලින් පමණක් ජයග්‍රහණ ලබාගත් පාසලක් ලෙස නොව නර්තන තරග, විවිධ භාෂා තරගවලින් ද දස්කම් විස්කම් පාමින් විදුහලට කීර්ති නාමයක් ලබා දීමට එදා සිට අද දක්වා ම පාසලේ සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමත් වී ඇති බව පුවත්පත් වාර්තා වලින් මෙන්ම පාසලේන් ලද තොරතුරවලින් දැක ගැනීමට හැකි විය.
🎉 වීරපොකුණ මධ්‍ය මහා විද්‍යාලයට නර්තන තරගාවලියෙන් 2011 වර්ෂයේ පාසල් සමස්ත ලංකා තරඟයෙන් ප්‍රථම සහ දෙවන ස්ථානය හිමි කර ගනිමින් පාසල් මාතාවට ජයග්‍රහණයක් මෙන්ම කීර්තිනාමයක් ගෙන දීමට නර්තන කණ්ඩායමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හපන්කම් දක්වා ඇත. මේ ආකාරයෙන් වීර පොකුණ මධ්‍ය මහා විද්‍යාලය වයඹ පළාතේ මෙන්ම මුළු දිවයිනේම නාමයක් දරන පාසලක් බවට පත්ව ඇත.
🎉 වීරපොකුණ විදුහල් මාතාව සිංහල භාෂා තරගාවලිය තුළින් කලාප මට්ටමින්, පළාත් මට්ටමින් මෙන්ම සමස්ත ලංකා ජයග්‍රහණ අත්කරගෙන ඇත. සමස්ත ලංකා සිංහල භාෂා තරගාවලියේ 2015 වර්ෂයේ ජයග්‍රහණයක් ලබා ඇති බව පාසලෙන් ලද තොරතුරු තොරතුරු වලට අනුව දැකගන්නට ලැබුණි. මේ ආකාරයට ඉංග්‍රීසි, නර්තන, සංගීතය, විද්‍යාව වැනි විෂයයන් රැසකින් ජයග්‍රහණ ලබා ගනිමින් පාසලට නිහතමානී ගෞරවයක් ලබා දීමට පාසලේ ආදි ශිෂ්‍යයන් හා නවක ශිෂ්‍යයින් වගේම ගුරු මණ්ඩලය කටයුතු කර ඇති බව මනාව පිළිබිඹු වේ.
🎉 වීරපොකුණ මධ්‍ය මහා විද්‍යාලයට විවිධ පැතිකඩයන් ඔස්සේ ජයග්‍රහණ රැසක් පාසලට ලැබී ඇත. පාසලේ කීර්ති නාමයට මෙන්ම පාසලේ ජනප්‍රියත්වය වැඩි දියුණු වීමට එම ජයග්‍රහණ බෙහෙවින් බලපාන ලදී. පාසලේ එදා සිට බිහිවූ දක්ෂයින් අතර ක්‍රීඩාවට දස්කම්පා ලබාගත් ජයග්‍රහණ රැසක් පුවත්පත් වාර්තාවලින් දැක ගැනීමට හැකි විය. ඒ අනුව 2005 වර්ෂයේ සමස්ත ලංකා පාසල් කවපෙත්ත විසිකිරීමේ වයස අවුරුදු 15න් පහළ 32m- 55m අතර දුරකට කවපෙත්ත විසි කරමින් සමස්ත ලංකා තරග පිහිටවූ අයේෂා දිල්රුක්ෂි රන් පදක්කම් දෙකක් දිනා ගෙන ඇත. ඇය පාසලට විශාල කීර්ති නාමයක් ලබා දී ඇත. එමෙන්ම කබඩි ක්‍රීඩාවෙන් වීර පොකුණ මධ්‍ය මහා විද්‍යාලයට ජයග්‍රහණ රැසක් ලබාදීමට මෙම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමත් වී ඇත.
🎉 සමස්ථ ලංකා මට්ටමට එහා ගිය ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගැනීමට මෙම විදුහලේ ආදි ශිෂ්‍යයින් සමත්ව ඇත. වීර පොකුණ විදුහල් මාතාවට 2016 වර්ෂයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කන්නූර් නුවර කන්නුර් ප්‍රාන්ත ක්‍රීඩාංගණයේ පැවති කතා සහා කුම්ගේ දුඹුරු පටි කාන්තා ජාත්‍යන්තර තරගාවලියේ දී 13 වසරේ එස්. එම්. චතුරි මධුමාලි ප්‍රසංගිකා දෙවන ස්ථානය හිමි කර ගෙන පාසලට කීර්ති නාමයක් ලබා දී ඇත. ඒ අතර 11 න් පහළ වොලිබෝල් ශූරතාවය ද හිමිව ඇත. තවද වීරපොකුණ මධ්‍ය මහා විද්‍යාලය තවත් ක්‍රීඩා තරග රැසකින් ජයග්‍රහණ ලබා ඇත.






