වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි වීරපොකුණ මධ්‍ය මහා විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ව විමසා බලන කල්හි වර්ෂ 1923/02/ 14 වන දින විවෘත කර ඇති බව පාසලේ ලොක් කොකහි සදහන්ව ඇත.
මෙම විද්‍යාලය මුලින්ම පොල් අතු සෙවිලි කළ කුඩා මඩුවක් ආකාරයෙන් ආරම්භ වී ඇත. ඉන්පසු 1961/07/ 01 ක් වන දින මෙම පාසල මහා විද්‍යාලයක් බවට ද නැවත සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සංකල්පයක් පදනම් කරගනිමින් 1989/06/01 දින මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් විය. ඉන්පසුව 2006/01/01 දින වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය නවෝද්‍යා පාසලක් බවට ද පත් වී ඇත.
බ්‍රිතාන්‍ය සමයේ දී එදා පැවති සමාජ ක්‍රමයට අනුව ගමක ප්‍රධානියා වන ආරච්චි මහතා හරහා රජය මගින් මෙම ඉඩම් ලබා දීමට කටයුතු කර ඇත. නමුත් ඒ වන විට මෙහි භූමි ප්‍රමාණය නිශ්චිත නොවූ අතර අද වන විට අක්කර හතරයි රුඩ් එකක් සහ පර්චස් දෙකක භූමි ප්‍රමාණයකට මෙම වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය හිමිකම් කියා ඇත.
එදා පොල් අතු සෙවිලි කළ කුඩා මඩුවක ආකාරයට ආරම්භ කළ මෙම විදුහලේ මුල් නියමුවා ලෙස ආර්. පී. අප්පුහාමි මයා කටයුතු කර ඇත. ආරම්භක අවධියේ දී මෙහි ගුරුවරු දෙදෙනෙකු සේවය කර ඇති බවද ලොක් නොක්ස් සටහන් පොතෙහි සඳහන් වී ඇත.
එමෙන්ම මෙම පාසලේ වැඩ කටයුතු ශිෂ්‍යයින් 74 දෙනෙකුගෙන් ආරම්භ කර ඇති බව ද පාසලේ ඓතිහාසික තොරතුරු වලින් හෙළිදරව් විය. පාසලේ පළමු ශිෂ්‍යා ලෙස වීර පොකුණ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී ඇත්තේ ආර්.එම්.ආරෝන් අප්පුහාමි ශිෂ්‍යයා බවද සඳහන් වී ඇත.
කුඩා මඩුවක ආකාරයෙන් ආරම්භ වූ මෙම පින් බිමට මුලින්ම ගොඩනැගිලි පහසුකම් ලබා දීම සිදු කර තිබෙන්නේ රජය මගිනි. ඒ අනුව බලන විට කිනියම කෝරළයේ කිනියම පන්සලේ එවකට වැඩ විසූ ස්වාමීන් වහන්සේ සහ එවකට සිටි කෝරලේ මහතා එක් වී මෙම පාසල ගොඩනඟා ඇති බවට තොරතුරු දැන ගැනීමට ලැබුණි. පසුකාලීනව රජය මගින් මෙන්ම පෞද්ගලිකව ආධාර ලබමින් ද වීර පොකුණ මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි අද පවතින තත්වයට ගොඩනැගී ඇත.
වීර පොකුණ මධ්‍ය මහා විද්‍යාලයේ ඉතා පැරණි අතීත ගොඩනැගිලි ඉදිකළ වර්ෂ පිළිබඳ තොරතුරු සඳහන් වී නැතත්,
1986 වර්ෂයේ ගරු සමාජ සේවා නියෝජ්‍ය ඇමැති ජේ. එල් සිරිසේන මහතා විසින් විවෘත කළ පාසල් සංවර්ධන සමිතිය මඟින් ඉදිකළ නාට්‍ය ශාලා ගොඩනැගිලි සංකීර්ණය වර්ෂයේ විජය ප්‍රකාශන සමාගමේ රංජිත් විජේවර්ධන මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවුණු විද්‍යාගාරය ද, 1996 වර්ෂයේ එකල විදුහල්පති ධූරය දැරූ ඩබ්ලිව්. එම්. මිල්ටන් ජයසිංහ මහතා ඇතුළු එකල ආචාර්ය මණ්ඩලයේ හා දෙමව්පියන්ගේ ඉල්ලීම පරිදි රජය මගින් පාසලේ දෙමහල් ගොඩනැගිල්ලක් ද ඉදිකර ඇත.
1998 වර්ෂයේ දී කුරුණෑගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඒ.එම්. මුනිදාස ප්‍රේමචන්ද්‍ර මැතිතුමා විසින් ඉදිකළ ගොඩනැගිල්ලක් ද, 1998 වර්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ නියමය පරිදි ඉදි ඉදි කළ ගොඩනැගිල්ලක් ද, 2014 වර්ෂයේ රජය මගින් ඉදිකළ උසස් පෙළ විද්‍යාගාර ය ද, 2006- 2011 වර්ෂයේ ලෝක බැංකු ආධාරයෙන් ඉදි කළ තෙමහල් ගොඩනැඟිල්ල ද, තවත් ගොඩනැගිලි කිහිපයක් ,ආර්.පී. චන්ද්‍රසේන රණවිරුවාට පින් පිණිස ඔහුගේ දෙමාපියන් විසින් ඉදිකළ බුදු මැදුර ද, පාසල තුළ දක්නට ඇති ගොඩනැගිලි අතර වේ.
| පාසල ආරම්භ වූ දිනය | 1943 දෙසැම්බර් 03 |
|---|---|
| පාසල පැවත්වූ ස්තානය | පොල් අතු සෙවිලිකල මඩුවක |
| මුල්ම ශිෂයා | ආර්.එම්.ආරොන් අප්පුහාමි |
| මුල්ම නියමුවා | ආර්.පී.අප්පුහාමි |
| ආරම්කභ ගුරු බවතුන් ගණන | 02 |
| ආරම්භම සිසුන් ගණන | 74 |
| පළාත | වයඹ පළාත |






