කුලි/වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය

පොත් ප්‍රදර්ශනය

WhatsAppImage2024-03-13at081855.jpeg
WhatsAppImage2024-03-13at081900.jpeg

විදුහල්පති පණිවිඩය

M.M.P.R.අමරසිංහ මිය.

දැදුරු ඔය නිම්නයේ හරිත වර්ණයෙන් පිරි සුන්දර පරිසරයකින් යුක්ත වූ වීරපොකුණ ග්‍රාමයේ පිහිටි කුලී /වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය මේ වන විට වසර සියයක ප්‍රෞඪ ඉතිහාසයක් පසු කරමින් සිටි.. පුංචි පොල් අතු මඩුවකින් ආගම්භ කර මේ වන විට වර්තමාන ජාතික පාසල් පද්ධතියට පවා ඇතුළත්ව ප්‍රදේශයේ බලවත්ම උනන්දුවෙන් නැගී සිටින පාසලක් ලෙස කැපී පෙනේ.

වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය මේ වන විට විවිධ පැතිකඩ ඔස්සේ ජයග්‍රහණ ලබා ගනිමින් දැයට කීර් තිමත් දූ පුතුන් බිහිකරමින් සිටියි.
ශතවර්ශයක් පුරා දරුවන්ගේ මනස පාදන විජිතයේ අරමුණු රාශියක් පවතී..ගුණ නැණ බලයෙන් යුතු නිපුණතා සපිරි දරුවෙක් දැයට දායාද කිරීම මෙහි ප්‍රධානතම අරමුණයි. 

එමෙන්ම 21 වන සියවසට ගැලපෙන පුරවැසියන් බිහිකිරීම සඳහා විජිතය විවිධ ආකාරයෙන් ශක්තිමත්ව නැගී සිටිමින් ඒ සඳහා නිර්මාණශීලීව සහයෝගයෙන් වැඩ කරන තර්කානුකූල චින්තනයෙන් යුතු මනා සන්නිවේදන හැකියාවෙන් යුතු විජිත දූ පුතුන් බිහිකිරීම අපේ අරමුණයි.
 

විජිතයේ වෙබ් පිටුව නිර්මාණය කිරීම එහි තවත් එක් පියවරකි.මින් මෙය විජිතයේ තවත් එක් සංධිස්ථානයකි. තවත් අනාදිමත් කාලයක් ගුණ නැණ පිරිසක් විජිත දූ පුතුන් බිහි කිරීමට හැකිවේවා... විජිතයේ ඉදිරි ගමනට ආශිර්වාද එක් කරමි.

M.M.P.R.අමරසිංහ මිය.
විදුහල්පති
කුලි/වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලය.